දිරිගන්වන්නන්....

12 December 2012

ජීවිතයට ආදරෙන්......





සර්......

ඇතුලට එන්න හංසි......

සර්... මම ළමා නිවාසෙට කතාකරලා පොඩි ළමයින්ට අවශ්‍යය භාණ්ඩ ලැයිස්තුව ඉල්ල ගත්තා.පුළුවන් විදිහට උදව්කරන්න කිව්වා.මම කිව්වා සර්ගෙන් අහලා කියන්නම් කියලා.

පොඩි එවුන්ට අවශ්‍යය දේවල් ඔක්කොම ටික ගන්න කීයක් විතර යනවද?

ම්ම්ම්ම්ම්.... ළමයි 43ක් ඉන්නවා සර්... මම හිතන්නෙ ලක්ෂයක් විතර යාවි සර්...

කමක් නැහැ හංසි.. දෙන දෙයක් අඩු පාඩු නැතුවම දෙන්න ඕනනෙ.. ලියන මහත්තයගෙන් සල්ලි ඉල්ලගන්න.හංසි පුළුවන් නම් ඒ ගැන හොයලා බලලා හොඳ තැන්වලින් අරගන්න.

හොඳයි සර්...

ළමා නිවාසෙට කෝල් කරලා කියන්න එදාට තුන් වරුවටම අපි කෑම දෙන්නම් කියලා.ඒ ගමන්ම මේ ළඟපාතකින් හොඳ කේටරින් සර්විස් එකක් ගැනත් හොයලා බලන්න.පොඩි එවුන්ට දෙන්න පළතුරු මොනවාහරිත් අරගන්න.සල්ලි මදි වුනොත් මම කිව්වා කියලා ලියන මහත්තයගෙන් ඉල්ලගන්න. 

හොඳයි සර්....

කළුතර බ්‍රාන්ච් එකට යවන්න තිබුණු පොත් ටික යැව්වද?

ඔව් සර්... ඒ ටික අද උදේම යැව්වා.කෙල්ලො දෙන්නා ඊයෙ රෑ වෙනකන්ම ඉදලා කෝඩ් ටික ගහලා ඉවර කලා..

ඒ කෙල්ලො දෙන්නත් උනන්දුවෙන් කැපවීමෙන් වැඩ කරනවා.. මම ලියනමහත්තයට කියන්නම් කට්ටියගෙම පඩි වැඩි කරන්න කියලා...

සර්......මම... මේ...

කියන්න ළමයො....

මට අද ටිකක් වේලාසනින් ගෙදර යන්න පූළුවන්ද සර්...?අම්මට ටිකක් අසනීපයි.බෙහෙත් ගන්න එක්කන් යන්න.

ඇයි ළමයො මට කලින් කිව්වෙ නැත්තෙ?දැනුත් වෙලාව 4යිනෙ.එහෙමනම් හංසි දැන් යන්න.

හොඳයි සර්...

හදිස්සියක් වුනොත් අතේ සල්ලි තියෙනවද?

ඔව් සර්....

මොකක් හරි උවමනාවක් වුනොත් මට කතාකරන්න හොදඳ?

හොඳයි සර්...

**********************************************************************************
 
කාලයක් තිස්සේ මගෙ හිතේ තිබුණු ලොකූ ආසාවක් ඊයෙ ඉෂ්ඨ වුනා හංසි...

ඒ මොකද්ද සර්...

ඊයෙ දවස තිස්සෙම ඒ පොඩි එවුන්ගෙ මූණුවල තිබුණු සතුට, හිනාව මට කවදාවත්ම අමතක වෙන්නෙ නෑ.මම මැරෙන මොහොතෙත් මතක් වෙයි....

ඒකනම් ඇත්ත සර්....අම්මා තාත්තා නැතුව අසරණවෙලා ඉන්න ඒ ළමයින්ට උපකාර කරලා සර් ලොකූ පිනක් කරගත්තෙ.සර් අපිවත් ඒ පිනට දායක කරගෙන තවත් පින් වැඩකරගත්තා...

අපි සදාකල්ම මේ ලෝකෙ ජීවත් වෙන්න ආපු අය නෙවෙයිනෙ.. කවදමහරි දවසක අපිට යන්නම වෙනවා...ඒ යන්න කලින් පුළුපුළුවන් විදිහට මෙහෙම දෙයක් හරි කරන එක හිතට ‍ලොකු සැනසීමක්....

අපෙ අම්මත් නිතරම කියන්නෙ ඔය විදිහටම තමයි සර්... ඒත් සර් වගේ කෙනෙක් ජීවිතේ අඩු වයසින්ම මෙහෙම හිතනවා කියන්නෙ.....

මට දැන් අවුරුදු 32ක් වෙනවා ළමයො...මොන අඩු වයසක්ද?තව ටික කාලෙකින් අංකල් කෙනෙක් තමයි...

සර්ගෙ එහෙම වයසක් පේන්නෙ නැහැ සර්....අනික සර් තව ගොඩාක් කල් ජීවත් වෙනවා... හොඳ කරන අයට කවදාවත්ම වරදින්නෙ නැහැ සර්.... ඒක මම හොඳින්ම දන්නවා....

හංසි තව මොනවද මං ගැන දන්නෙ...

විශේෂයෙන් එහෙමටම කියල දන්නෙ නෑ සර්.... සර් ඉන්නෙ කොහෙද මොකද කරන්නෙ ඒ වගේ විස්තර තමයි සර්....

ඔයා විතරක් නෙවෙයි ගොඩක් අය මං ගැන දන්නෙ ඔය ටික තමයි හංසි... මං ගැන දන්න එකම එක්කෙනෙක් ඉන්නවා... ඒ ලියන මහත්තයා... මම කැමති නම් හංසිට මං ගැන කියන්නම්....

සර් කැමතිනම් කියන්න... මං අහගෙන ඉන්නම්.....

ඒක දිග කතාවක්...මෙහෙම විනාඩි 10න් 15න් කියලා ඉවරකරන්න බැහැ ළමයෝ... මම වෙන වෙලාවක නිවීසැනසිල්ලෙ කියන්නම්... තරහා වෙන්න එපා....

සර් කැමති වෙලාවක කියන්න... අනික සර් එක්ක තරහා වෙන්න මම කව්ද සර්...අම්මයි මායි කාටවත් අතනොපා ජීවත් වෙන්නෙ සර් මටදීපු මේ රස්සාවට පින් සිද්ධවෙන්න....

මමත් ජීවිතේ ඇති වෙන්න දුක් විඳපු කෙනෙක් නංගි..දුක කියන දේ මම හොඳට අඳුනනවා...මගේ කතාව අහනකොට ඔයාටම ඒක තේරුම්යාවි.....



                                                                   ============




 ( හිතේ තිබුණු සම්පූර්ණ කතාවම එක පෝස්ට් එකකට දාන්න තමයි හිතාන උන්නෙ.ඒත් මටත් නොදැනිම කතාව දිග්ගැස්සෙනවා වගේ..මං ලියන කතාව මට හොඳයි කියලා හිතුනට අනික් අයට කොහොම වෙයිද දන්නෙ නැහැනෙ.ඒක නිසා හිතේ තියෙන දේවල් අකුරු කරපු මේ ටිකේ අඩුපාඩු ගුණ දොස් එහෙම තියෙනවනම් තරහ නැතුව පුංචි කොලූට ඒ ගැන කියලා යන්න.එතකොට මේ කතාවෙ ඉතිරි ටිකේ ඒ අඩුපාඩු මගහරව ගන්න පුළුවන් වෙයි...
මේ කොල්ලා හංසි කෙල්ලට මොනවා ගැනද කියන්නෙ යන්නෙ කියලා දැනගන්න ඉතිරි ටිකත් කියවන්න එන්න හොඳේ....)



10 December 2012

සඳ තවම ආදරෙයි.......





හිරූ... අපි කවදද හිරූ එක වහලක් යටට වෙන්නෙ?

හ්ම්ම්ම්ම්ම්........ 

ඇයි හිරූ මම මේ ප්‍රශ්නෙ අහන හැම වෙලාවකම ඔයාගෙන් උත්තරයක් නැත්තෙ?දැන් කොච්චර කාලයක් නම් වෙනවද?

අනේ මන්දා සඳූ.....

අනේ ඇයි දැන් ඔහොම කථා කරන්නේ?මාව පෘථිවිට අයිතිවෙන්න දීලා දැන් ඔයා බලාගෙන ඉන්නවද?

පෘථිවියි මායි අතර කොච්චර වෙනසක් තියෙනවද සඳූ... ඔයාට ගැලපෙන්නෙ පෘථිවි තමයි...මාව නෙවෙයි...

මාව වෙන කාටවත්ම හීනෙන් වත් අයිතිවෙන්න දෙන්නෙ නැහැ කියපු ඔයාගෙ කටින්මද හිරූ මේ දෙවල් කියවෙන්නෙ...... ඇයි මට මේ තරමටම ගින්දර දෙන්නෙ?

මම ඔයාට කොයිතරමට ආදරේ කලත් මට කවදාවත්ම ඔයාව අයිතිකරගන්න බැරිබව මම දැනගෙන උන්නා සඳූ.... මට සමාවෙන්න..... මම තාමත් ඔයාට ආදරෙයි සඳූ...ඒක මම මැරෙනකන්ම වෙනස් වෙන්නෙ නැහැ....

එහෙමනම් ඇයි ඔයාට මාව ඔයාගෙ ළඟට ගන්න බැරි..... පෘථිවිත් එක්ක ගිහින් මගෙ ජීවිතේ විනාශ වෙලා යනවා දකින්නද ඔයාට දැන් ඕනා.....?

පෘථිවි ඔයාව මට වඩා සතුටින් තියයි..... මම කැමති නැහැ ඔයා මගෙත් එක්ක ඇවිත් දුක්විඳිනවා දකින්න...

සතුට... මගෙ සතුට තියෙන්නෙ ඔයාගේ ළඟ හිරූ... ඒක කවදාවත්ම වෙනස් වෙන්නෙ නැහැ.ඇයි ඒක තේරුම් නොගන්නෙ?ඔයා මෙහෙම වෙනස් වෙන්නෙ තරූ නිසාද?

මම තවදාවත්ම තරූට ආදරේ කලේත් නැහැ.දැන් කරන්නෙත් නැහැ.කරන්න ඕනෙත් නැහැ.ඒක නිසා තරූව මේකට පටලවගන්න එපා.....මේක මගේ තීරණයක්.....

නපුරා... ඔයා දැන් හොඳටම නපුරු වෙලා....

ඔව් සඳූ.... මම නපුරුයි.... හැමෝටම දැන්මාව නපුරුවෙලා....ලෝකේ ඉන්න දරුණුම නපුරුම කෙනා මම.... ඒකයි මම කිව්වෙ ඔයාට මාව ගැලපෙන්නෙ නැහැ කියලා.... තේරුම් ගන්න.....

දැන් කව්ද කියන්නෙ මට ඔයාව ගැලපෙන්නෙ නැහැ කියලා?

මම දන්නෑ....

ඔයා නොදන්නවා නම් කව්ද හිරූ දන්නෙ? ඔයා දැන් මොනවද දන්නෙ?

මම දන්නෑ.... ඒත් මම දන්නවා මම ඔයාට ආදරෙයි කියලා....

එතකොට මම ඔයාට ආදරේ නැහැ? මගේ ආදරේ තේරෙන්නෙත් නැහැ.එහෙමද?

මම එහෙම කිව්වෙ නැහැනෙ....

එහෙමනම් මොකද්ද හිරූ මේකෙ තේරුම?මම දැන් මොනවද කරන්න ඕනා....ඔයාව අමතක කරන එකද?

ඔව්.....

අන්තිම තීරණයද ඒ ඔයාගෙ?

ඔව්...

වෙනස් වෙන්නෙම නැද්ද?

නැහැ....

කවදාවත්ම?

ඔව්.....

මම දන්නවා කෙනෙක්ගෙ ආදරයක් බලෙන් ලබාගන්න බැහැ කියලා... මම ඔයාගේ මේ තීරණයට අකමැත්තෙන් උනත් කැමති වෙන්නම්... ඒ ඔයාගෙ සතුට වෙනුවෙන්... නැතුව මම ඔයාට ආදරේ නැතුවවත් ඔයාව අමතක කරන්න පුළුවන් නිසාවත් නෙවෙයි.... මම පෘථිවිත් එක්ක යයි.ඒත් මම මැරෙනකන්ම මගේ හිතේ ඉන්නෙ ඔයා.... මගේ කුළුඳුල් වගේම අවසාන ආදරයත් ඔයා... මම ජීවත් උනොත් ඒ ජීවත් වෙන්නෙත් ඔයා නිසා... ඒකත් මතක තියාගන්න...... මම යන්නම්..... යන්නම යන්නම්.... ඔයා සතුටින් ඉන්න.....

ඔයත් සතුටින් ඉන්න.....


07 December 2012

මෙන්න බලනවනම් බඩු......

අද මම කියන්න යන්නෙ මම ගොඩාක් ආසාවෙන් බලපු TV Series වලින් ටිකක් ගැන.මේ TV Series ගැන දන්න අයත් ගොඩක් ඇති.ඒත් කාට හරි වැඩක් වෙයි කියල හිතලයි ඒ ගැන විස්තර ටිකක් කියන්නේ.මේ TV Series හොයාගෙන Download කරගන්න වෙන්නෙ නම් Torrent හරහා තමයි.


01.Man vs Wild



මේක Adventure / Reality තත්ත්වයේ TV Series එකක්.අපි හදිස්සි අවස්ථාවකදී කොහේ හෝ මනුෂ්‍යය වාසයෙන් දුර ප්‍රදේශයක තනිවම අතරමං වුනොත් එන අභියෝගයන්ට මුහුණදීලා නිරුපද්‍රිතව මනුෂ්‍යය වාසයක් සොයා ගෙන එන්නෙ කොහොමද කියලා පහදා දෙන එක තමයි Theme එක.අවුරුදු ගාණක් Army එකක සේවය කල පුද්ගලයෙක් තමයි මේ වැඩසටහන මෙහෙය වන්නෙ.කාන්තාර, මුහුදු , වනාන්තර මේ හැම තැනකදිම වගේ පටිගත කරපු Season 07ක් පුරා දිවෙන Episodes 68කින් යුත් TV Series එකක්.Jungle Camping ජීවිතයට ආසකරන කට්ටිය හොයාගෙන බලන්න වටිනවා.


02. Dual Survival



මේකත් කලින් Theme එකම තියෙන Adventure / Reality තත්ත්වයේ TV Series එකක්.වෙනසකට තියෙන්නෙ මේ වැඩසටහනේ එක් පුද්ගලයෙක් වෙනුවට පුද්ගලයන් දෙදෙනෙකු වැඩ සටහන මෙහෙයවනවා.එක් පුද්ගලයෙක් හමුදා සේවයේ යෙදී විශ්‍රාම ගිය අයෙක්.අනෙක් පුද්ගලයා රතු ඉන්දියානුවෙක්.එකම අවස්ථාවකදි වුවත් මේ පුද්ගලයන් දෙදෙනාගේ අදහස් දෙවිදිහක්.රතු ඉන්දියානුවා නිතරම සොභාදහම සමගම කටයුතු කරනවා.නමුත් අනෙක් පුද්ගලයා ඊට වඩා වෙනස්.නමුත් දෙදෙනාම කියලා දෙන්නෙ නොනැසී ජීවත්වෙන ආකාරය.Season 02කින් යුත් Episodes 22ක් මෙහි අඩංඟු වෙනවා.


03.Tanked



  මේක Reality වර්ගයේ එකක්.ගණුදෙනු කරුගේ අවශ්‍යයතාවයට අනුවම ඔහුගේ සිතැඟි පරිදිම මාළු ටැංකි හදලා දෙන්නෙ කොහොමද කියලා තමයි මේකෙ පෙන්වන්නෙ.මාළු ටැංකි කිව්වට සාම්ප්‍රදායික විදිහට හදන එසේ මෙසේ මාළු ටැංකි නම් නෙවෙයි.අළුත්ම ආකාරයේ එව්වා.මේ subject එකට ආස අය ඉන්නවානම් හොයා ගෙන බැලුවා කියලා වැරැද්දක් නෑ.තවම Season 02යි Release වෙලා තියෙන්නෙ.


04.River Monsters


මේකත් මාළු සම්බන්ධම එකක් තමයි.හැබැයි මාළු ඇති කරනවා වෙනුවට මේකෙ පෙන්වන්නෙ මාළු අල්ලන විදිහ.මිත්‍යා විශ්වාසවල ඉන්න, මිහිපිටින් දැන් වඳ වෙලා ගිහිල්ලා කියලා විශ්වාස කරන, මිනිසුන්ට තර්ජනයක් එල්ලවෙන ආකාරයේ මාළුන්ව හඹා ගිහින් අල්ලන එක තමයි මේකෙ Theme එක.හැබැයි ඒ අල්ලන හැම මාළුවෙක්ම වගේ නිදහස් කරනවා.මාළු අල්ලන එක දැන් ගොඩක් අයගෙ විනෝදාංශ‍යක් වෙලානෙ තියෙන්නෙ.එහෙම එකේ මේ TV Series එකෙනුත් ගන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා.තවමත් විකාශනය වන මෙහි මේ වන විට විවිධාකාරයේ Episodes 30ක් release වෙලා තියෙනවා.


05.Deadliest Warrior


මේක නම් සම්පූර්ණයෙන්ම යුධ කලාවන් ගැන තියෙන එකක්.ලෝකයේ විවිධ කාල වකවානුවල යුධ ක්‍රමයන් ගැන සොයා බලලා ඒ යුධ ක්‍රමයන් අතරින් වඩාත්ම හොඳම ක්‍රමය මොකද්ද කියලා විද්‍යාත්මක සාධක ඔස්සේ ඔප්පු කරලා පෙන්වනවා.උදාහරණයක් විදිහට කිව්වොත් නින්ජා සහ සැමුරායි සටන් ක්‍රම 02 අතරින් වඩාත් ප්‍රබලම ‍එක මොකද්ද කියලා ඔප්පු කරනවා.මේ TV Series එකේ Episodes 33ක් තියෙනවා.ඒ කියන්නේ ලෝකයේ යුධ සටන් ක්‍රම 66ක් ගැන විද්‍යාත්මකව විස්තර සොයා බලනවා.පුළුවන්නම් හොයාගෙන බලන්න.

06.How It's Made



Documentary / Science වර්ගයට අයත් මේ TV Series එකත් සුපිරිම එකක් තමයි.අපි එදිනෙදා භාවිත කරන උපකරණ , යාන වාහන, ආහාර පාන, අනෙකුත් උපකරණ වගේ දහසක් දේවල් නිපදවන්නේ කොහොමද කියන එක තමයි මෙහි පෙන්වන්නේ.අපේ රටේ බලාගන්න තියෙන්නෙ බිස්කට් එකක් කිරි පැකට් එකක් හදාගන්නෙ කොහොමද කියලනෙ.එහෙම එකේ මේ දේවල් සම්බන්ධයෙන් කුතුහලයක් තියෙන අය මේ ගැනත් හොයලා බලන්න.මේකෙ නම් Season 20ක් තියෙනවා.ඒ කියන්නෙ Episodes 260ක්.

‍07.Future Weapons




නම අහපුගමන්ම හිතාගන්න පුළුවන්නෙ මේක මොනවා ගැනද කියලා.සම්පූර්ණයෙන්ම තියෙන්නෙ දිනෙන් දින දියුණු වන යුධ අවි තාක්‍ෂණය ගැන.අචි ආයුධ ගැන උනන්දුවක් දක්වන අය පොඩ්ඩක් ‍මේ ගැනත් හොයලා බලන්න.


08.Planet Earth



 සොභාදහම ගැන අන්තර්ගතවන මේ TV Series එකේ Episodes 11 ක් තියෙනවා.ආයෙත් කියන්න දෙයක් නැහැ සුපිරිම සුපිරි එකක්.මම බලපු හොඳම Nature Documentary එකක් තමයි.ලොකු පොඩි වයස් භේදයකින් තොරව හැම දෙනාම මේ TV Series එකට ආසා කරන එක 100% ෂුවර්.


එහෙන් මෙහෙන් විස්තර ටික ටික දැනගෙන හිටියට හරියටම හරි විස්තර ටික හොයාගත්තෙ මෙන්න මෙතනින්.http://en.wikipedia.org




06 December 2012

ජීවිතයද මරණයද....?



වැඩියෙන්ම අමාරු ජීවත් වෙන එකද නැත්නම් ජීවිතය නැති‍කර ගන්න එකද?

කිව්වනම් බලන්න කට්ටියත් එක්කම.

දැන් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න අත උස්සපු හැමෝම කියන්නේ ජීවත් වෙන එක අමාරුයි කියලනේ.එතකොට මැරෙන එක ලේසියි.අනේද බොල කියන්නෙ.මැරෙන එක තමයි අමාරුම කාරිය.අපි විහින් නැහෙනවා කියන්නෙ සිය දිවි නසා ගන්නවා කියන එකනෙ.හිතන්නෙ ඒකත් ලේසි පහසු කාරියක් කියලද?
මුලින්ම අපි මැරෙන්න ක්‍රමයක් තෝරගන්න ඕනා.


01.ගෙල වැළදාගෙන මිය යාම.

ගෙල වැළදාගෙන මිය යාම නැත්නම් එල්ලිලා මැරෙන එක.මේකත් එසේ මෙසේ පහසු කාර්යයක් නෙවෙයි.මුලින්ම හොඳ හයිය කඹයක් හොයා ගන්න ඕනා.නැත්නම් මුළු සැලැස්මම වතුරෙ තමයි.මැරෙන්න හදන වෙලාවට ඕකත් කඩාගෙන බිම ඇද බෑවිලා අතක් පයක් කඩා ගත්තොත් මැරෙන එක පැත්තකට දාලා මාස ගාණක් ඒකට වෙදකම් කොරන්න තමයි වෙන්නෙ.අනික හොඳට ඉඩකඩ තියෙන ආලෝකය හොඳින් වැටෙන තැනක් වෙන්න ඕනා.ඇයි ඉතින් බලන්න එන සෙනග කන්දරාවටයි ප්‍රවෘත්ති පත්තර වල අයටයි හරියන විදිහට වටපිටාව තියෙන්න ඕනනෙ.නැත්නම් ඉතිං මැරිලත් බැනුම් තමයි.අවසන් ඇඳුම විදිහට කලිසමක් වගේ තෝර ගන්නවා නම් හොඳයි.සරමක් වගේ ඇඳගෙන ඉඳලා ඕක කැඩුනොත් එහෙම නම්බුව ඉවරයිනේ.කාන්තා පාර්ශවෙත් කලිසම්ම ඇන්දොත් හොඳයි.ඇයි ඉතිං එල්ලෙන් බිම නෙවෙයි උඩනෙ.තව පොඩි පොඩි කාරනා ටිකක් තියෙනවා එව්වා පොදුවේ කියන්නම්කො.එහෙමනම් ඉතිං ඒ වැඩේ හරි.දැන් අනික.


02.ගඟේ / මුහුදේ පැනීම.

මේකෙත් කාරණා රාශියක් තියෙනවා.හිතන තරම් ලේසි නෑ.මුලින්ම ගැඹුර තැනක් හොයා ගන්න ඕනා.ඇයි ඉතින් දෙතුන් පාරක් පැන පැන බලන්නද?.ඒක තමයි කියන්නෙ පනින්න පෙර සිතා බලන්න කියලා.උස වැඩි තැන්වලින් පනින්න බය අය මිටි තැනක් හොයාගන්න‍ එකයි ඇත්තෙ.මැරෙන එකත් බයේ මැරෙන්නෙ මක්කටෙයි.මේ ක්‍රමේදිත් දෙපාර්ශවයම කලිසම් අදින්න.වතුරට පැනලා දඟලන දැඟලිල්ලට ඇඳුම් එහා මෙහා වෙලා නිරුවස්තරේම මැරෙන්න උනොත් එක හරි මදිනෙ.අනික එතකොට පත්තරේ වැටෙන්නෙත් ".........නිරුවත් මළ සිරුරක් හමුවේ" කියලනෙ.චිකේ... චිකේ.... ඒක කැතයි.අනික පැන්නට පස්සෙ පීනන්න දන්න එවුන් පීනන්න නොදන්න ගානට ඉන්න ඕනා.එහෙම බැරිනම් වෙන ක්‍රමයක් හොයා ගන්න ඕනා.එහෙමනම් ඒකත් හරි.

03.කොච්චියට පැනීම.

මේකට නම් ඉවසීම හොඳට තියෙන්න ඕනා.නැත්නම් බැහැ.ඇයි ඉතිං මේ ආශ්චර්යමත් දේශේ දුම්රිය වෙලාවට වැඩකරන එකක් කියලය.කොහොමෙන් හරි අමාරුවෙන් ටයිම් එකක් සෙට් කොරගත්තා කියමුකො හැබැයි පුතෝ කාර්යාල වෙලාවෙ දුම්රියකටනම් බැරිවෙලාවත් පනින්න එපා.පන කෙන්ද යන්න කලින්ම මෑණියන්ට කිඹුහුම් (කිවිසුම්) ගිහින් තියෙයි.ඒ තරම් බැනුම් කන්දරාවක් තමයි අහගන්න වෙන්නෙ.අනික් අයට ගෙවල් දොරවල් වලට යන්න පමා කරන්නෙ මක්කටෙයි කියලා දවල් වරුවෙ එකක් තෝරගන්න.ඉතිරි ටික කරන්නෙ කොහොමද කියලා කියන්න ඕන නැ‍හැ නෙව.

04.නියඟලා / කනේරු ආහාරයට ගැනීම.

මේ ක්‍රමේට නම් දවස් ගාණක් බලා ගෙන ඉන්න වෙයි මයෙ හිතේ.බෙහෙතකට ගන්නවත් නියඟලා / කනේරු අවුන්සයක් වත් හොයාගන්න නැති කොට මැරෙන තරමට කන්න කොහෙන් හොයා ගන්නද?සති අන්ත පත්තරේක අවශ්‍යයි කියලා දැන්වීමක්වත් දාලා බැලුව නම් හරි.එහෙම හම්බුනොත් ඇති පදමට කන එකනෙ ඇත්තෙ.ඉතිරි නොවෙන්න කාලා කාපු වළං පිඟන් එහෙමත් හෝදලා තියන්න වග බලාගන්න ඕනා.

05.වෙඩි තබා ගැනීම.

මේක නම් බොහෝම අමාරු ක්‍රමයක්.අමාරුයි කිව්වෙ වෙඩි තියන්න තුවක්කුවක් හොයා ගන්න එක.ඇයි ඉතිං පොඩි කාලෙ වගේ සෙල්ලම් තුවක්කුවකින් වෙඩි තියාගන්න කියලද?ඕක හොයා ගන්න වෙන්නෙ පොලෝසියෙන් හමුදාවෙන්ම තමයි.ඒත් ඉතිං ඔව්වා ගන්න ගිහිල්ලා වෙඩි තියාගෙන මැරෙන්න කලින් වෙඩි කාලා මැරෙන්නයි වෙන්නෙ.ඒකා හිතට සැටිස් නැහැ නොවැ.අනික මාධ්‍යයට කියන්නෙ අපි තුවක්කු 10ක් 15ක් උස්සන් දුවපු අපරාධකාරයෙක් කියලනේ.නිකන් මොකටද බොරු අහන්නෙ.ඒක නිසා ඒ ක්‍රමේ මෙව්ව පරිහරණය කරන අයටම හොඳයි.අවියෙන් නසින්නෙ අවි ගත්තො කියන එකේ අපි අහවල් කාරියකට ඕකෙන් නහින්න යනවද?


06.අධිමාත්‍රාවෙන් ඖෂධ / වස විස පානය කිරීම.

දැන් ඉතිං මේකත් යල් පැනලා.ඇයි ඉතිං දැන් ලෙඩකට දුකකට පැනඩෝල් පෙත්තක් ගන්නත් තුන්ඩු කෑල්ලක් දිකකරන්න ඕන එකේ මැරෙන්න තරමට බොන්න බෙහෙත් කොහෙන් හොයා ගන්නද?අනික බෙහෙත් වල ගණන්.බීලා මැරෙන්න කලින් ගාණ අහලා පපුවෙ අමාරුව හැදිලයි මැරෙන්නෙ.ප්ලෑන එතනින්ම ඉවරයිනෙ.අනික මේ හිච්චං සයිස් පණුවන්ට දළඹුවන්ට වල් පැල වලට ගහන්න තියෙන වස බොන්න අපිත් උන්ගෙ සයිස් නෙවෙයිනෙ.අනික අපි වල්ද ඒත් නැහැනෙ.හැබැයි පු‍තෝ බොන එකා සැන්ඩි නොකර ගහන්න ඕනා.ඕක භාගෙට ගහලා ඉස්පිරිතාලෙදි අහන බැනුම් වලටයි අනික් එවුන්ට උත්තර දෙන්න ගියහමයි තමයි ඉතිරි භාගෙ වටිනා කම තේරෙන්නෙ.අනික ඕක ඉතුරු කරලා මළ ගෙදරට එන අයට සංග්‍රහ කරන්න කියලද?



 සැලකිය යුතුයි.

*   ඡන්ද වකවානු , ක්‍රීඩා තරඟාවලි අවසානයේ මෙම සැලසුම් ක්‍රියාත්මක කිරීමෙන් වලකින්න.
*  සෙනග ගැවසෙන ප්‍රදේශයක් තෝරා ගන්න.(අන්තර් ජාලයට ඔබගේ සේයාරුව / වීඩියෝව එක්කර    ගැනීමේ සම්භාවිතාව වැඩිය)
*  මිය යාමට හේතුව ලිඛිතව සටහන් කර මිය යන්න.(බොරු ප්‍රචාර වැළැක්වීම සඳහා)
*අවසන් කටයුතු සිදුකිරීමට හැකිවනසේ පහසු දිනයක් තෝරා ගන්න.උත්සව වකවානු මේ සඳහා තෝරා නොගන්න.තුන් මාසය,අවුරුද්ද පිළිබඳ සැලකිලිමත් වන්න.



දැන් ඉතිං කිව්වනම් බලන්න ලේසි මොකද්ද කියලා.......?