දිරිගන්වන්නන්....

22 November 2012

බලාපොරොත්තුව..



බ්ලොග් පිටුවක්....
හි‍තේ තියෙන, එහෙන් මෙහෙන් දැනගන්න ලැබෙන, එදිනෙදා අත්විදින, අහන දකින, එකී මෙකී නොකී සුදුසු හැම දෙයක්ම බ්ලොග් කලාවට ආදරේ කරන සහෘදයන් එක්ක බෙදා හදා ගන්න මගේම කියල බ්ලොග් පිටුවක්.සමහරවිට බලාපොරොත්තුව ඉටුවෙයි.නැත්නම්.... කාලයට ඉඩදීලා බලාගෙන ඉන්නවා.......

10 comments:

  1. නෑ නෑ කාලයට ඉඩ දීලා බලන් ඉන් නැතුව පටන් ගමුකෝ ලියන්න. අපිත් කැමති නෙව කියවන්න. සුභ පැතුම් මගෙන් බ්ලොගය ආරම්භයේදීම දිගු ගමනකට...

    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. ඔන්න එහෙනම් අද ඉදන් බ්ලොග් ලෝකෙ අකුරු කරන්න පටන් ගත්තා.
      ආරම්භයේදිම අත දීම ගැන බොහොමත්ම ස්තූතියි රතී...

      Delete
  2. කොහෙන් හරි පටන් ගනින් වැඩිය හිතන්නෙ නැතුව... ලියාගෙන යද්දි සිතුවිලි නිරායාසයෙන් පහළ වේවි... සුභ පැතුම් සහෝදරයා..බ්ලොග් ලොව දිගු ගමනකට...

    ReplyDelete
    Replies
    1. මාත් සිරා අයියගේ හොඳ රසිකයෙක් තමයි.හ්ම්ම්ම්ම්.... බලමුකො ලියාගෙන යනකොට සිතුවිලි පහල වෙයිද කියලා...අනේ එහෙම උනොත් හොඳයි. කොහොම වෙතත් මේ පැත්තෙ ඇවිල්ල දිරි දීපු එකටනම් ගොඩාක් ස්තූතියි සිරා අයියෙ......

      Delete
  3. වැඩිය හිතන්නෙ නැතුව ඔයා ඔය ලියන්න හිතාගෙන ඉන්න දේවල් ලියන්න පටන් ගන්නකො...අපිත් එනවනෙ කියවන්න. බ්ලොග් ලෝකෙ දිගු ගමනකට මගෙනුත් සුභ පැතුම් පුංචි කොලූට :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා මේ පැත්තෙ ඇවිල්ලා සුභ පැතුම් එක් කලාට.
      ඕං එහෙනම් හිතට හිතෙන දේවල් අකුරු කරන්න පටන් ගත්තා.පුළුවන් වෙලාවට පුංචි කොලූව බලලා යන්න එන්න හොඳේ.....

      Delete
  4. කියවන්න මාත් ඉන්නෝ!
    දිගු ගමනකට උණුසුම් සුභ පැතුම්. මට මතක් වෙනව මීට සති 3කට කලින් මම පටන් ගත්ත විදිය :)

    ReplyDelete
    Replies
    1. අඩේ අප්පා උණු උණුවෙන්ම උණුසුම් සුභ පැතුම් එක් කරපු සමී අයියටත් ගොඩක් ස්තූතියි.
      ඔන්න එහෙනම් අද ඉදන් මේ පැත්තට ඇවිල්ල යන්න එන්න ඕනා......

      Delete
  5. දිගු ගමනකට සුබපැතුම්!

    දැන් කාලෙට ඉඩදීලා බලන හිටියා ඇති නේ? දැන්වත් පටන්ගමුකෝ.. :)

    ReplyDelete
    Replies
    1. හරි ඔන්න එහෙනම් පටන් ගත්තා.කාලෙට ඉඩ දීලා බලන් ඉඳියා ඇති කියලා හිතුනා.පුංචි කොලුවව බලන්න ආපු ඉෂාන් කොලුවටත් තැන්කූ වේවා...

      Delete