දිරිගන්වන්නන්....

12 December 2012

ජීවිතයට ආදරෙන්......





සර්......

ඇතුලට එන්න හංසි......

සර්... මම ළමා නිවාසෙට කතාකරලා පොඩි ළමයින්ට අවශ්‍යය භාණ්ඩ ලැයිස්තුව ඉල්ල ගත්තා.පුළුවන් විදිහට උදව්කරන්න කිව්වා.මම කිව්වා සර්ගෙන් අහලා කියන්නම් කියලා.

පොඩි එවුන්ට අවශ්‍යය දේවල් ඔක්කොම ටික ගන්න කීයක් විතර යනවද?

ම්ම්ම්ම්ම්.... ළමයි 43ක් ඉන්නවා සර්... මම හිතන්නෙ ලක්ෂයක් විතර යාවි සර්...

කමක් නැහැ හංසි.. දෙන දෙයක් අඩු පාඩු නැතුවම දෙන්න ඕනනෙ.. ලියන මහත්තයගෙන් සල්ලි ඉල්ලගන්න.හංසි පුළුවන් නම් ඒ ගැන හොයලා බලලා හොඳ තැන්වලින් අරගන්න.

හොඳයි සර්...

ළමා නිවාසෙට කෝල් කරලා කියන්න එදාට තුන් වරුවටම අපි කෑම දෙන්නම් කියලා.ඒ ගමන්ම මේ ළඟපාතකින් හොඳ කේටරින් සර්විස් එකක් ගැනත් හොයලා බලන්න.පොඩි එවුන්ට දෙන්න පළතුරු මොනවාහරිත් අරගන්න.සල්ලි මදි වුනොත් මම කිව්වා කියලා ලියන මහත්තයගෙන් ඉල්ලගන්න. 

හොඳයි සර්....

කළුතර බ්‍රාන්ච් එකට යවන්න තිබුණු පොත් ටික යැව්වද?

ඔව් සර්... ඒ ටික අද උදේම යැව්වා.කෙල්ලො දෙන්නා ඊයෙ රෑ වෙනකන්ම ඉදලා කෝඩ් ටික ගහලා ඉවර කලා..

ඒ කෙල්ලො දෙන්නත් උනන්දුවෙන් කැපවීමෙන් වැඩ කරනවා.. මම ලියනමහත්තයට කියන්නම් කට්ටියගෙම පඩි වැඩි කරන්න කියලා...

සර්......මම... මේ...

කියන්න ළමයො....

මට අද ටිකක් වේලාසනින් ගෙදර යන්න පූළුවන්ද සර්...?අම්මට ටිකක් අසනීපයි.බෙහෙත් ගන්න එක්කන් යන්න.

ඇයි ළමයො මට කලින් කිව්වෙ නැත්තෙ?දැනුත් වෙලාව 4යිනෙ.එහෙමනම් හංසි දැන් යන්න.

හොඳයි සර්...

හදිස්සියක් වුනොත් අතේ සල්ලි තියෙනවද?

ඔව් සර්....

මොකක් හරි උවමනාවක් වුනොත් මට කතාකරන්න හොදඳ?

හොඳයි සර්...

**********************************************************************************
 
කාලයක් තිස්සේ මගෙ හිතේ තිබුණු ලොකූ ආසාවක් ඊයෙ ඉෂ්ඨ වුනා හංසි...

ඒ මොකද්ද සර්...

ඊයෙ දවස තිස්සෙම ඒ පොඩි එවුන්ගෙ මූණුවල තිබුණු සතුට, හිනාව මට කවදාවත්ම අමතක වෙන්නෙ නෑ.මම මැරෙන මොහොතෙත් මතක් වෙයි....

ඒකනම් ඇත්ත සර්....අම්මා තාත්තා නැතුව අසරණවෙලා ඉන්න ඒ ළමයින්ට උපකාර කරලා සර් ලොකූ පිනක් කරගත්තෙ.සර් අපිවත් ඒ පිනට දායක කරගෙන තවත් පින් වැඩකරගත්තා...

අපි සදාකල්ම මේ ලෝකෙ ජීවත් වෙන්න ආපු අය නෙවෙයිනෙ.. කවදමහරි දවසක අපිට යන්නම වෙනවා...ඒ යන්න කලින් පුළුපුළුවන් විදිහට මෙහෙම දෙයක් හරි කරන එක හිතට ‍ලොකු සැනසීමක්....

අපෙ අම්මත් නිතරම කියන්නෙ ඔය විදිහටම තමයි සර්... ඒත් සර් වගේ කෙනෙක් ජීවිතේ අඩු වයසින්ම මෙහෙම හිතනවා කියන්නෙ.....

මට දැන් අවුරුදු 32ක් වෙනවා ළමයො...මොන අඩු වයසක්ද?තව ටික කාලෙකින් අංකල් කෙනෙක් තමයි...

සර්ගෙ එහෙම වයසක් පේන්නෙ නැහැ සර්....අනික සර් තව ගොඩාක් කල් ජීවත් වෙනවා... හොඳ කරන අයට කවදාවත්ම වරදින්නෙ නැහැ සර්.... ඒක මම හොඳින්ම දන්නවා....

හංසි තව මොනවද මං ගැන දන්නෙ...

විශේෂයෙන් එහෙමටම කියල දන්නෙ නෑ සර්.... සර් ඉන්නෙ කොහෙද මොකද කරන්නෙ ඒ වගේ විස්තර තමයි සර්....

ඔයා විතරක් නෙවෙයි ගොඩක් අය මං ගැන දන්නෙ ඔය ටික තමයි හංසි... මං ගැන දන්න එකම එක්කෙනෙක් ඉන්නවා... ඒ ලියන මහත්තයා... මම කැමති නම් හංසිට මං ගැන කියන්නම්....

සර් කැමතිනම් කියන්න... මං අහගෙන ඉන්නම්.....

ඒක දිග කතාවක්...මෙහෙම විනාඩි 10න් 15න් කියලා ඉවරකරන්න බැහැ ළමයෝ... මම වෙන වෙලාවක නිවීසැනසිල්ලෙ කියන්නම්... තරහා වෙන්න එපා....

සර් කැමති වෙලාවක කියන්න... අනික සර් එක්ක තරහා වෙන්න මම කව්ද සර්...අම්මයි මායි කාටවත් අතනොපා ජීවත් වෙන්නෙ සර් මටදීපු මේ රස්සාවට පින් සිද්ධවෙන්න....

මමත් ජීවිතේ ඇති වෙන්න දුක් විඳපු කෙනෙක් නංගි..දුක කියන දේ මම හොඳට අඳුනනවා...මගේ කතාව අහනකොට ඔයාටම ඒක තේරුම්යාවි.....



                                                                   ============




 ( හිතේ තිබුණු සම්පූර්ණ කතාවම එක පෝස්ට් එකකට දාන්න තමයි හිතාන උන්නෙ.ඒත් මටත් නොදැනිම කතාව දිග්ගැස්සෙනවා වගේ..මං ලියන කතාව මට හොඳයි කියලා හිතුනට අනික් අයට කොහොම වෙයිද දන්නෙ නැහැනෙ.ඒක නිසා හිතේ තියෙන දේවල් අකුරු කරපු මේ ටිකේ අඩුපාඩු ගුණ දොස් එහෙම තියෙනවනම් තරහ නැතුව පුංචි කොලූට ඒ ගැන කියලා යන්න.එතකොට මේ කතාවෙ ඉතිරි ටිකේ ඒ අඩුපාඩු මගහරව ගන්න පුළුවන් වෙයි...
මේ කොල්ලා හංසි කෙල්ලට මොනවා ගැනද කියන්නෙ යන්නෙ කියලා දැනගන්න ඉතිරි ටිකත් කියවන්න එන්න හොඳේ....)



1 comment:

  1. මට නම් කතාව හොඳයි.....කියන්න වැරැද්දක් නෑ.
    කතාවෙ ඉතුරු කොටස කියවන්නත් අනිවාර්‍යයෙන් එනව :)

    ReplyDelete