දිරිගන්වන්නන්....

13 February 2013

ජීවිතයට ආදරෙන්...( 02 කොටස )




ලියන මහත්තයා....  දැන් සීසන් එකත් ඉවරයිනේ.අනික හෙට පෝය නිවාඩුත්  එක්ක.ඒක නිසා අද වේලාසනින් ෂොප් එක වහලා ළමයින්ට වේලාසනින් යන්න දෙන්න.නැත්නම් හවස් වෙනකොට බස්වල යන්න අමාරුයි. ඇඩ්වාන්ස්  ගන්න ඕන අය ඉන්නවානම් බලලා දෙන්න.....

හොඳයි පුංචි ‍මහත්තයා....

ලියන මහත්තයා හෙට සිල් ගන්න යනවද?

යන්න තමයි හිතාගෙන නම් ඉන්නෙ.. ඒත් මේ කොන්දෙ කැක්කුමත් එක්ක එක විදිහකට වැඩි වෙලාවක් වාඩිවෙලා ඉන්න බැහැනෙ....

ලියන මහත්තයට මම දැන් කී දවසක් කිව්වද බෙහෙත් ගන්න යමු කියලා.කෝ අහන එකක්ද?

අපි දැන් වයසක මිනිස්සු මහත්තයෝ... තව කී දවසක් නම් ජීවත් වෙයිද කියල දන්නෙ නැහැ.එහෙම එකේ ඔය රට බෙහෙත් ගිලලා තේරුමක් තියෙනවද?මේ ඉන්න ටිකේ පිනක් දහමක් කරගෙන ඉන්නවා මිසක්....

ඉතිං ලියන මහත්තයා පිනක් දහමක් කරගෙන ඉන්නත් ලෙඩක් දුකක් නැතුව ඉන්න ඕනනෙ....

අනේ මන්දා මහත්තයෝ...

ලියන මහත්තයා මේ සල්ලි ටික අරගන්න.හෙට සිල්ගන්න යනකොට ලොකු හාමුදුරුවන්ට පිරිකරකුයි තව මොනවා හරියි අරගෙනම යන්න.මටත් හුඟ දවසකින් ඒ පැත්තෙ යන්න බැරි උනා.....

පිරිකරක් පූජා කරන්න මාත් හරි ආසාවෙන් උන්නෙ... පුංචි මහත්තයගෙ මව් දෙමව්පියන්ටත් පිං අනුමෝදම් කරලම මම පිරිකර පූජා කරන්නම්.....මහත්තයට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනා......

මගේ ජීවිතේ ගැන ලියන මහත්තයට හංගන්න කියලා දෙයක් නැහැනෙ.මම මේ ගෙන්දගම් පොළවට පය ගහපු දවසෙ ඉඳන් මේ මොහොත වෙනකන් සිද්ධ වුනු හැමදෙයක් ගැනම ලියන මහත්තයා දන්නවනෙ.....මට මේ ලෝකෙ ඥාතියෙක් කියලා කෙනෙක් ඉතුරු වෙලා නැහැ.මට එහෙම කෙනෙක්ටත් ඉන්නෙ ලියන මහත්තයා විතරයි...

මම ඒක නොදන්නවද පුංචි මහත්තයෝ... මම මෙහෙම කිව්වා කියලා අමනාප වෙන්න එපා.. අතීතෙ ගැන පසුතැවි තැවී ඉන්නෙ නැතුව දැන්වත් පුංචි මහත්තයගෙ අනාගතේ ගැන හිතුවොතින් නරකද?

ඒවා කාලයත් එක්කම විසඳිලා යාවි...අනාගතේ ගැන බලාපොරොත්තු ගොඩ ගහගෙන එව්වා බිඳිලා ගියාට පස්සෙ මට ආයෙත් දුක්විඳින්න වෙයි කියලා බයයි...

ඒ උනාට මහත්තයෝ මිනිස්සු වයසට යනවා තේරෙන්නෙ නැහැ...මයෙහිතේ දැන් මහත්තයට 30ත් පැනලා වෙන්න ඇති.එහෙව් එකේ මෙව්වා තවත් පහුකරලා හරියනවද?

බලමුකො බලමුකෝ... පස්සෙ බැරියැ.... ලියන මහත්තයා යමින් ගමන් අර ළමයට මගේ කාමරේට එන්න කියාගෙනම යනවද...

හංසිකා දරුවටද?

ඔව්.. මේ මන්ත් එකේ ෆයිනල් ඕඩර් ලිස්ට් එකත් අරගෙනම එන්න කියන්න....

...............................................................................................................................................................

සර්...

වාඩි වෙන්න හංසි... ෆයිනල් ඕඩර් ලිස්ට් එක ලෑස්තිද?

ඔව් සර්.. කැන්ඩි බ්‍රාන්ච් එකේ ලිස්ට් එක දැන් ටිකකට කලින් ලැබුනෙ.ෆයිනල් එක රෙඩී සර්....

බොහොම හොඳයි.. මොනවද අඩුපාඩු තියෙන්නෙ?

ගොඩාක්ම තියෙන්න ස්කූල් බුක්ස් තමයි සර්.පාස් පේපර් පොත්, වර්ක් බුක් වගේ එව්වා.නවල්ස් ටිකකුත් ඕනා.ස්ටේෂනරීස් නම් ගොඩාක් අඩුයි..

එහෙමද?දැන් මේ ඕඩර් එකෙන් ඒ අඩුපාඩු ඔක්කොම ක්ලියර් කරන්න පුළුවන්නෙ?

පුළුවන් සර්...

ගුඩ්... එහෙමනම් දැන්මම ඔය ටික සංජයට මේල් කරන්න.කොල්ලා මන්ඩේ වෙනකොට ඕඩර් එක රෙඩි කරලා තියයි.හෙට නිවාඩු නොවුනානම් සැටඩේ වෙනකොට ගෙන්න ගන්න තිබුණා...

සර් ඕඩර් ලිසිට් එක චෙක් කරලා බලලම සයින් කරනවද?

මම දන්නව මට තවත් ඕකෙ චෙක් කරලා බලන්න දෙයක් නැහැ කියලා.මම කාවවත් අවිස්වාස කරගෙන වැඩකරන්නෙ නැහැ හංසි.මට මගේ ළඟ ඉන්න හැමදෙනාවම විස්වාසයි.දෙන්න මම සයින් කරලා දෙන්නම්...

මම කිව්වෙ සර්....

හරි...හරි... මම දන්නවා ළමයො ඔයා කිව්වෙ මොකද්ද කියලා.. මම ඒකයි කිව්වෙ මට ආයෙත් මේකෙ චෙක් කරන්න දෙයක් නැහැ කියලා.... ඒක නෙවෙයි හංසි හෙට නිවාඩු දවසනෙ. හංසි මොනවද කරන්න හිතාගෙන ඉන්නෙ?

එහෙම විශේෂ දෙයක් කියලා නම් නැහැ...වැඩක් තියෙනවා නම් කියන්න සර්... මම කරලා දෙන්නම්...


මම හිතාගෙන එන්නෙ හෙට කළුතර බ්‍රාන්ච් එකට ගිහිල්ලා එන්න.... ඒ ෂොප් එක ඇතුල සම්පූර්ණයෙන්ම අළුතින් ඩිසයින් කරන්න ඕනා... මේකටත් බුක්ෂොප් එකක් කියන පෙනුමක් ආවෙ හංසිගේ ඇරේන්ජ්මන්ට් නිසා.ඒක නිසා මම කැමතියි ඒ ඩිසයින් ඇරේන්ජ්මන්ට්ස් ටිකත් හංසිටම භාර දෙන්න.හෙට එහෙම උනොත් හංසිට මගෙත් එක්ක කළුතර යන්න එන්න වෙනවා....

පුළුවන් සර්... මම එන්නම්.....

අම්මා කැමති වෙයිද හංසි මගෙත් එක්ක එහෙම ගමනක් යන එකට?

අම්මා අකමැති වෙන එකක් නැහැ සර්...මම මේ රස්සාව කරන්න බැඳිලනෙ ඉන්නෙ සර්....අනික සර්ට අපිව විස්වාසයි වගේම අපිට සර්වත් විස්වාසයි....

අනේ මම එහෙම හිතාගෙන කිව්ව නෙවෙයි කෙල්ලෙ...මේ ෂොප් එකට උනු වෙනසට මම ඇත්තටම ආසයි.ඒකයි මම ඇහුවෙ...

මම කොහෙටද සර් එන්න ඕනා... අම්මයි මායි කළුතර බෝධියට යන්න හරි ආසාවෙන් උන්නෙ.ඒත් අම්මට බස්වල යන්න අමාරු නිසා ගියේ නැහැ.දැන් හෙට මට අඩුම තරමෙ කළුතර බෝධියට පඬුරක් වත් දාන්න අවස්ථාව ලැබෙනවනෙ....

හ්ම්ම්ම්ම්ම්..... එහෙම නම් අපි මෙහෙම කරමු හංසි.අපි ඔයාලගෙ අම්මවත් එක්කගෙනම යමු.අම්මට එතකොට බයවෙන්න දෙයකුත් නැහැනෙ...ඕනිනම් අම්මට කළුතර බෝධිය ළඟදි සිල් අරගෙනම හවසට අපිත් එක්කම එන්න පුළුවන්නෙ. කා එකේ යන නිසා මහන්සියකුත් නැහැනෙ...

කමක් නැද්ද සර් එහෙම එක්කගෙන ආවට.....?මේක අහලා අම්මත් හරි සතුටු වෙයි...

ප්‍රශ්නයක් නැති නිසානෙ දරුවො මම කිව්වෙ එන්න කියලා.මෙහෙන් උදේන්ම පිටත් උනොත් කළුතර බෝධිය ළඟට වෙලාවට යාගන්න පුළුවන් වෙයි.මම 5 විතර වෙනකොට හංසිලගෙ ගෙවල් ළඟට එන්නම්... ලෑස්තිවෙලා ඉන්න....

හොඳයි සර්....




( හංසිකා සදෙව්ණි නම් ඇය විසින් ගත් තීරණය නිවැරදි වෙයිද? එසේත් නැතහොත් එම තීරණය ඇයගේ දෛවෝප ගත තීරණයක් වේද? ඔහු ඇයගේ විශ්වාසය ඒ අයුරින්ම සුරකියිද? මේ සියල්ලම දැන ගන්න නම් පුංචි කොලූ බොහොම අමාරුවෙන් අකුරු එකතු කරලා කුරුටු ගාන " ජීවි‍තයට ආදරෙන් " එක්ක තව දුරටත් එක දිගමට ඉන්න වෙනවා ඕං....තරහා වෙන්නනම් එපා...ඔයාලා මගෙත් ඉන්නවා නේදෝ..... )



6 comments:

  1. අම්මෝ දැක්ක කල්. කතාවෙ පළවෙනි කොටස දාල ඇයි අතුරුදහන් උනේ? කතාවෙ ඊලඟ කොටස නම් වැඩිය කල් යවන්නෙ නැතුව ඉක්මනට දාන්න.

    ReplyDelete
    Replies
    1. පළවෙනි කොටස දාලා දෙවෙනි කොටස දාන්න මෙච්චර කල් ගතවුනු එකට නම් ඇත්තටම සමාවෙන්න ඕනා... පොඩි පොඩි ප්‍රශ්න වගයක් තිබුණා.නිර්මාණයක් කරන්න තරම් හිතේ නිදහසක් තිබුණෙ නැහැ.ඒකයි.ඒත් දැන් එහෙම වෙන්නෙ නෑ චමෝ.... ජීවිතයට ආදරෙන් දිගටම ගලාගෙන යාවි.......

      Delete
  2. කොලුවෝ ඉතුරු ටික ලියහං

    ReplyDelete
    Replies
    1. අනිවා ලියනවා අටම් අයියේ...
      මේ පැත්තෙ ආවට බොහොම ස්තූතියි කිව්වා ඕං..

      Delete
  3. පුංචි කොලුවෝ අදයි මෙතැන ඇහැ ගැටුණේ එන්නං හැමදාම ලියපං කොල්ලෝ උඹ ලියන විදිය නියමයි. මං කැමතියි මේ ලියැවිල්ලට.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. සමකය වටේ යන ගමන් මේ පැත්තට ඇවිල්ලා පුංචි කොලූව දිරිමත් කරපු නලීන් අයියටත් බොහොම ස්තූතියි.....පුළු පුළුවන් වෙලාවට මේ පැත්තෙ එන්නකො එහෙනම්.....

      Delete