දිරිගන්වන්නන්....

07 December 2012

මෙන්න බලනවනම් බඩු......

අද මම කියන්න යන්නෙ මම ගොඩාක් ආසාවෙන් බලපු TV Series වලින් ටිකක් ගැන.මේ TV Series ගැන දන්න අයත් ගොඩක් ඇති.ඒත් කාට හරි වැඩක් වෙයි කියල හිතලයි ඒ ගැන විස්තර ටිකක් කියන්නේ.මේ TV Series හොයාගෙන Download කරගන්න වෙන්නෙ නම් Torrent හරහා තමයි.


01.Man vs Wild



මේක Adventure / Reality තත්ත්වයේ TV Series එකක්.අපි හදිස්සි අවස්ථාවකදී කොහේ හෝ මනුෂ්‍යය වාසයෙන් දුර ප්‍රදේශයක තනිවම අතරමං වුනොත් එන අභියෝගයන්ට මුහුණදීලා නිරුපද්‍රිතව මනුෂ්‍යය වාසයක් සොයා ගෙන එන්නෙ කොහොමද කියලා පහදා දෙන එක තමයි Theme එක.අවුරුදු ගාණක් Army එකක සේවය කල පුද්ගලයෙක් තමයි මේ වැඩසටහන මෙහෙය වන්නෙ.කාන්තාර, මුහුදු , වනාන්තර මේ හැම තැනකදිම වගේ පටිගත කරපු Season 07ක් පුරා දිවෙන Episodes 68කින් යුත් TV Series එකක්.Jungle Camping ජීවිතයට ආසකරන කට්ටිය හොයාගෙන බලන්න වටිනවා.


02. Dual Survival



මේකත් කලින් Theme එකම තියෙන Adventure / Reality තත්ත්වයේ TV Series එකක්.වෙනසකට තියෙන්නෙ මේ වැඩසටහනේ එක් පුද්ගලයෙක් වෙනුවට පුද්ගලයන් දෙදෙනෙකු වැඩ සටහන මෙහෙයවනවා.එක් පුද්ගලයෙක් හමුදා සේවයේ යෙදී විශ්‍රාම ගිය අයෙක්.අනෙක් පුද්ගලයා රතු ඉන්දියානුවෙක්.එකම අවස්ථාවකදි වුවත් මේ පුද්ගලයන් දෙදෙනාගේ අදහස් දෙවිදිහක්.රතු ඉන්දියානුවා නිතරම සොභාදහම සමගම කටයුතු කරනවා.නමුත් අනෙක් පුද්ගලයා ඊට වඩා වෙනස්.නමුත් දෙදෙනාම කියලා දෙන්නෙ නොනැසී ජීවත්වෙන ආකාරය.Season 02කින් යුත් Episodes 22ක් මෙහි අඩංඟු වෙනවා.


03.Tanked



  මේක Reality වර්ගයේ එකක්.ගණුදෙනු කරුගේ අවශ්‍යයතාවයට අනුවම ඔහුගේ සිතැඟි පරිදිම මාළු ටැංකි හදලා දෙන්නෙ කොහොමද කියලා තමයි මේකෙ පෙන්වන්නෙ.මාළු ටැංකි කිව්වට සාම්ප්‍රදායික විදිහට හදන එසේ මෙසේ මාළු ටැංකි නම් නෙවෙයි.අළුත්ම ආකාරයේ එව්වා.මේ subject එකට ආස අය ඉන්නවානම් හොයා ගෙන බැලුවා කියලා වැරැද්දක් නෑ.තවම Season 02යි Release වෙලා තියෙන්නෙ.


04.River Monsters


මේකත් මාළු සම්බන්ධම එකක් තමයි.හැබැයි මාළු ඇති කරනවා වෙනුවට මේකෙ පෙන්වන්නෙ මාළු අල්ලන විදිහ.මිත්‍යා විශ්වාසවල ඉන්න, මිහිපිටින් දැන් වඳ වෙලා ගිහිල්ලා කියලා විශ්වාස කරන, මිනිසුන්ට තර්ජනයක් එල්ලවෙන ආකාරයේ මාළුන්ව හඹා ගිහින් අල්ලන එක තමයි මේකෙ Theme එක.හැබැයි ඒ අල්ලන හැම මාළුවෙක්ම වගේ නිදහස් කරනවා.මාළු අල්ලන එක දැන් ගොඩක් අයගෙ විනෝදාංශ‍යක් වෙලානෙ තියෙන්නෙ.එහෙම එකේ මේ TV Series එකෙනුත් ගන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා.තවමත් විකාශනය වන මෙහි මේ වන විට විවිධාකාරයේ Episodes 30ක් release වෙලා තියෙනවා.


05.Deadliest Warrior


මේක නම් සම්පූර්ණයෙන්ම යුධ කලාවන් ගැන තියෙන එකක්.ලෝකයේ විවිධ කාල වකවානුවල යුධ ක්‍රමයන් ගැන සොයා බලලා ඒ යුධ ක්‍රමයන් අතරින් වඩාත්ම හොඳම ක්‍රමය මොකද්ද කියලා විද්‍යාත්මක සාධක ඔස්සේ ඔප්පු කරලා පෙන්වනවා.උදාහරණයක් විදිහට කිව්වොත් නින්ජා සහ සැමුරායි සටන් ක්‍රම 02 අතරින් වඩාත් ප්‍රබලම ‍එක මොකද්ද කියලා ඔප්පු කරනවා.මේ TV Series එකේ Episodes 33ක් තියෙනවා.ඒ කියන්නේ ලෝකයේ යුධ සටන් ක්‍රම 66ක් ගැන විද්‍යාත්මකව විස්තර සොයා බලනවා.පුළුවන්නම් හොයාගෙන බලන්න.

06.How It's Made



Documentary / Science වර්ගයට අයත් මේ TV Series එකත් සුපිරිම එකක් තමයි.අපි එදිනෙදා භාවිත කරන උපකරණ , යාන වාහන, ආහාර පාන, අනෙකුත් උපකරණ වගේ දහසක් දේවල් නිපදවන්නේ කොහොමද කියන එක තමයි මෙහි පෙන්වන්නේ.අපේ රටේ බලාගන්න තියෙන්නෙ බිස්කට් එකක් කිරි පැකට් එකක් හදාගන්නෙ කොහොමද කියලනෙ.එහෙම එකේ මේ දේවල් සම්බන්ධයෙන් කුතුහලයක් තියෙන අය මේ ගැනත් හොයලා බලන්න.මේකෙ නම් Season 20ක් තියෙනවා.ඒ කියන්නෙ Episodes 260ක්.

‍07.Future Weapons




නම අහපුගමන්ම හිතාගන්න පුළුවන්නෙ මේක මොනවා ගැනද කියලා.සම්පූර්ණයෙන්ම තියෙන්නෙ දිනෙන් දින දියුණු වන යුධ අවි තාක්‍ෂණය ගැන.අචි ආයුධ ගැන උනන්දුවක් දක්වන අය පොඩ්ඩක් ‍මේ ගැනත් හොයලා බලන්න.


08.Planet Earth



 සොභාදහම ගැන අන්තර්ගතවන මේ TV Series එකේ Episodes 11 ක් තියෙනවා.ආයෙත් කියන්න දෙයක් නැහැ සුපිරිම සුපිරි එකක්.මම බලපු හොඳම Nature Documentary එකක් තමයි.ලොකු පොඩි වයස් භේදයකින් තොරව හැම දෙනාම මේ TV Series එකට ආසා කරන එක 100% ෂුවර්.


එහෙන් මෙහෙන් විස්තර ටික ටික දැනගෙන හිටියට හරියටම හරි විස්තර ටික හොයාගත්තෙ මෙන්න මෙතනින්.http://en.wikipedia.org




5 comments:

  1. How It's Made එකයි Planet Earth එකයි බලන්න ආස හිතුන. Documentaries බලන්න මං කොහොමත් කැමතියි. ඒ ඇරුණාම මීට ටික කාලෙකට කලින් බැලුව අලුත් Sherlock Holmes TV Series එකටත් මං ගොඩක් ආසයි :)

    ReplyDelete
  2. ඔන්න අපේ බ්ලොග් රෝලටත් දැම්මා

    ReplyDelete
  3. @චමී - මාත්Sherlock Holmes TV Series එක ටිකක් විතර බලලා තියෙනවා.හැබැයි ඔක්කොම නෙවෙයි.පුළුවන් නම් අර TV Series දෙක Download කරගෙන බලන්න.බලන්න බලන්න ආස හිතෙනවා ෂුවර්.....

    @ ලක්මාල් - පුංචි කොලූගේ ලෝකයට සාදරයෙන් පිළිගන්නවා අයියේ..... බ්ලොග් රෝලට පුංචි කොලූවත් ඇඩ් කරගත්තට තැන්කූ වේවා.....

    ReplyDelete
  4. ඔන්න මමත් පුංචි කොලුගෙ පැත්තට ආවා..!

    ReplyDelete
  5. @චන්න - පුංචි කොලූගේ ලෝකයට සාදරයෙන් පිළිගන්නවා... ආයෙත් මේ පැත්තට එන්න පාර මතක තියාගන්න හොඳේ......

    ReplyDelete